Crypto currency කිව්වම ගොඩක් අයට පොඩි හරි බයක් තියෙනවා. ඊලඟට Crypto currency mining කිව්වම තවත් බය හිතෙනවා. මොකද්ද මේ අමුතු මුදල් ජාතිය කියලා. ඇත්තටම Crypto currency කියන්නෙ එහෙම තිගස්සෙන්න ඕන දෙයක් ද?
එක අතකින් ඔව්! තව අතකින් නෑ!
අපි මුලින්ම බලමු “ඔව්”! තිගැස්සෙන්න ඕනා කියන්නෙ ඇයි කියලා. මූලිකම දේ තමයි Crypto currency වල අගය සාමාන්‍ය මුදල් ඒකක වලට වඩා ඉතා ඉහල අගයක පැවතීම. උදාහරණයක් ගත්තොත් BTC 1 ක්, මේ දවස්වල $60,000ක් විතර ඉහලයි. රුපියල් වලින් නම්, කෝටි 1.5ක් වගේ. ගොඩක් දෙනෙක් පුරුදු එලා ඉන්නෙ, ලාබ වෙද්දී මේවා අරගෙන, මිල ඉහල යද්දී විකුණලා, ලාභ ලබන එක. කෙටියෙන් ඕක තමයි මේකෙ ‘ලාභ ලබන'(profit) හැටි. හරියටම කිව්වොත්, ‘මනී-එක්ස්චේන්ජ්’ කියලා අපි හඳුන්වන ‘කඩවල’ කරන්නෙත් ඕකමයි. එකම වෙනස එයාල ගන්නෙ, ඩොලර්, යූරෝ, පවුම් වගේ ව්‍යවහාරික (භාවිතාවේ තියෙන) මුදල්. එයාලත් කරන්නෙ (පිටරට ඉඳලා එන අයගෙන්) අඩු ගානට අරන්, කවුරු හරි ගන්න ආවම(පිටරට යන කෙනෙක්ට ඩොලර් ඕන උනාම) වැඩි ගානට විකුණන එක. සංකීර්ණයි වගේ පෙනුනට හරිම සරලම ව්‍යාපාරික් කටයුත්තක්. ඒත් Crypto currency “Trading” කියන්නෙ තරමක් සංකීර්ණ විශයක්; Forex වගේ. අපි මෙතන කතා කරන්නෙ Crypto currency වල මූලිකම දේවල්.
කොහෙන්ද හොයා ගන්නෙ?
ඒකත් ඇත්ත. සල්ලි නං පේන්න තියෙනවා. ඒත් Crypto currency කොහෙද තියෙන්නෙ? ඇත්තටම Crypto currency කියන්නෙ Virtual currency එකක්. හරියට අපේ ඊමේල් පණිවිඩ, SMS messages වගේ. ඉතින් ඊමේල් එකක්, SMS එකක් ගත්තත්, එක්කෝ අපිට වෙන කාගෙන් හරි ගෙන්න ගන්න පුලුවන්. එහෙම නැත්තන් අපිටම mobile phone එකකින් එකක් හදලා යවන්න පුලුවන්(තව වෙනත් ක්‍රමත් තියෙනවා). Crypto currency-ත් මේ වගේම තමයි. (තවම) අපිටම හදා-ගන්න පුලුවන්, නැත්තන් දැනට Crypto currency තියෙන කෙනෙක්ට කියලා ගෙන්න ගන්න පුලුවන්. කවුරු හරි කෙනෙක් ලඟ තියෙන දෙයක් ගෙවලා (මිල දී) ගන්න එක අපිට පැහැදිලියි. ඒත් අපිම “හදා” ගන්නෙ කොහොමද?
මොනාද ඕන කරන්නෙ?
අපි දැන් කතා කරන්නේ ඒ ගැන. අපිට පුලුවන් Crypto currency අපිටම හදා ගන්න. හදා ගන්නවා කිව්වට, හිතන්න මේවා මිනිරන් කියලා. අපිට මිනිරන් ලබා ගන්න නම්, ඒවා තියෙන තැනකට යන්න ඕන. ඊට පස්සෙ අපිට මේ ගැන දැනුමක් නැත්තන්, එහෙම හාරන්න (‘මයින් කරන්න’)දැණුම, tools තියෙන අයත් එක්ක ‘teem up’ (එකතු) වෙන්න, වෙනවා. මෙහෙම තැනකට තමයි අපි පූල්(mining pool) එකක් කියලා කියන්නෙ. හරියට මිනිරන් පතල තියෙන ඉඩම වගේ. හරි දැන් තියෙන්නෙ ඒ අයත් එක්ක එකතු වෙලා ඔයාට පුලුවන් තරමින්(ඔයාගෙ ‘හයියෙන්’) එයාලත් එක්ක ‘මයින් කරන’ එකයි. ඉතින් හිතන්න, මිනිරන් ‘බ්ලොක්’ එකක් ලැබුනම, ඒකට සහභාගි උන හැමෝටම මහන්සියෙ හැටියට කොටස(share) දෙනවා. ඊලඟට ආයෙත් තව බ්ලොක් එකක් හොයනවා.
ඒත් මේ Crypto currency වල තියෙන විශේෂත්වෙ තමයි, හැම බ්ලොක් එක්ක්ම එකකට එකක් සම්බන්ධයි. හිතන්න මිනිරන් බ්ලොක් එකක් ගොඩ ගත්තම, ආයෙ හතර අතේ හාරන්න දෙයක් නෑ.. ඊලඟ බ්ලොක් එක පේන්නම තියෙනවා; හරියට දම්-වැලක් වගේ… ඒක ‘හයිය දාලා’ ගන්නයි තියෙන්නෙ. ඉතින් මේකට අපි ඇඟේ හයිය පෙන්නලා කිලෝ ගානට බර දාලා ගත්තට, Crypto currency mine-කරද්දි පාවිච්චි කරන්නෙ හෑශ් රේට්(hash rate) කියන එක. ඒ කියන්නෙ හරියට Algorithm එකක් විසඳන්න තියෙන “පුලුවන්කම” තමයි හරියට අර ඇඟේ හයිය වගේ තියෙන්නෙ. Algorithm කිව්ව ගමන් මේක විසඳන්න ඉලෙක්ට්‍රොනික් device එකක් ඕන කියන අදහස අපිට එනවා. ඉතින් මේකට ඕන කරන ‘හයිය’ තියෙන ඒවා අතරින් ‘එකක්’ තමයි අපේ Computer එකේ තියෙන ග්‍රැපික් කාඩ්(Graphic card) එක. එහෙමත් නැත්තන්ම් GPU එක. ඔව් Game-ගහන්න ගන්නෙ… ඉතින් GPU එකේ ‘හයිය’ වැඩි වෙන්න වෙන්න, එයාට කරන්න පුලුවන් ‘වැඩ’ ප්‍රමණයත් වැඩී. ඉතින් බ්ලොක් එකක් හොයා ගත්තම, ලැබෙන් Share එකත් වැඩියි.
මොනාද මේ ටූල්ස්?
පූල් එකකුයි, ‘හයියයි’ හොයා ගත්තත්, මොනාද මේ ටූල්ස්? අපිට මේ Algorithm එක විසඳන්න, පොඩි Software program එකක් ඕන වෙනවා. ඒකට අපිට ඕන විධිය(parameters) කිව්වම, අපේ GPU ‘හයිය'(Hash rate; MH/s) පාවිච්චි කරලා එයා අපිට ඕන කරන බ්ලොක් ටික ගොඩ අරන්(මයින් කරලා) දෙනවා. හරියට SMS එනවා වගේ. ඉතින් සරලයි වගේ පෙනුනට මේ සංකීර්ණ වැඩේට තමයි අපි ‘Crypto currency mining’ කියලා කියන්නෙ.
Crypto Wallet
SMS නං inbox එකටනෙ එන්නෙ, එතකොට මේ ‘මයින් කරන’ Crypto currency කොහෙටද යන්නෙ? ඇත්ත, මේ ගොඩ ගත්තු බ්ලොක් ටික මුලින්ම තියෙන්නෙ අර පූල්(Pool) එකේ. හිතන්න මිනිරන් පතළ තියෙන ඉඩමෙ කියලා. ඕක ඉතින් ඔතන තියලා බෑනෙ… ඒ ඉඩමෙ ‘ඉබි යතුරු'(keys) ඔක්කොම තියෙන්නෙ වෙන කෙනෙක් ලඟ. එහෙනම් අපිට ඕවා තියා ගන්න තැනක් ගෙදර හදා ගන්න වෙනවා. ගෙදර ලොකු මල්ලක් හදලා, ඒකෙ අපිට අර ගොඩ ගත්තු මිනිරන් ටික ගෙනල්ලා පරිස්සමට තියා ගන්න පුලුවන් වෙනවා. ඒ වගේ තමයි Crypto currency අපිටම කියලා අපේ තැනක තියා ගන්න ඕන කරන ‘මල්ල’ තමයි මේ ‘වොලට්'(Wallet) එක කියලා කියන්නෙ. මේකෙ තියෙන වැදගත්ම දේ තමයි, හිතන්න මේ මිනිරන් හාරද්දී අපිට මැණික් ජාති හම්බ වෙන්නත් පුලුවන්. ඉතින් අපි මැණික් අර මිනිරන් මල්ලෙම දාලා තියෙන්නෙ නෑනෙ.. ඒ වගේ, එක එක ජාතියෙ Crypto currency දාලා තියා ගන්න වෙන වෙනම ‘මලු’ ඕන.
තව දෙයක්, තේරුම් ගන්න ලේසි වෙන්න මෙහෙම කිව්වට, විවිධ Crypto currency ජාති එක සැරෙ ලැබෙන්නෙ නෑ. මෙතනදී තේරුම් ගන්නම ඕන දේ තමයි, හැම වෙලාවකම Crypto currency දාන්නෙ ඒ ජාතියෙ-“ම” මලුවලට(Wallets) කියන එක. ඉතින් එකම ජාතියෙ ඒවා ඒ මල්ලෙන් මේ මල්ලට.. මේ මල්ලෙන් තව යාලුවෙක්ගෙ මල්ලකට උනත් දාන්නත් පුලුවන්. Crypto currency, Send and receive කියලා භාවිතා වෙන්නෙ ඔය එහා මෙහා යැවීමයි. හරියට් ඊමේල් SMS යවනවා වගේමයි. ඔය හැම මල්ලකටම ‘ඇඩ්රස්’ එකක් තියෙනවා. අපි කාටහරි යවද්දි, ගෙන්වද්දී හරි, මේ වොලට්-ඇඩ්රස්(Wallet address) එක තමයි පාවිච්චි කරන්නෙ. හරියට ඊ-මේල් එකක් යවන්න නම්, ලැබෙන කෙනාට ඊ-මේල් ඇඩ්රස් එකක් ඕන වගේ. ඒත් අපි ඊ-මෙල් හදනකොට ලස්සන නම් දුන්නට, Crypto currency wallet ‘address’ එකක් අපිට එහෙම තෝරලා ලස්සන එකක් ගන්න බෑ.
Crypto currency ‘හාරමු’
ඉතින් ගෙදර Game ගහපු, ‘හයිය තියෙන’ PC එකක් තියෙනවා නං, මේක try කරලා බලන්න පුලුවන්.
අපිට වෙන වෙනම, මේ කොටස් download කරගෙන කරන්නත් පුලුවන්. ඒත් ඊට වඩා ලේසි විධියක් බලමු. ඒ කියන්නෙ, මේ පූල් එකයි, Algorithm එක විසඳන්න උදව් කරන කරන software ටිකයි ඔක්කොම එකට තියෙන එකක් හොයා ගමු. අපිට තියෙන්නෙ යතුර දාලා Start කරන්න විතරයි.
අපි මේකට පාවිච්චි කරන්නෙ Kryptex කියන පූල් එක. අදාල පියවර ටික කලින්ම කියන්නම්. මෙතනින් ගිහින් Register වෙන්න. Account එකක් හදන්න.
- හැමදේම එකතු කරලා තියෙන ඔය Software එක Download කර ගන්න.
(* මතක ඇතුව antivirus එක ටිකකට disable කරන්න. බය වෙන්න දෙයක් නෑ මේක virus එකක් නෙවෙයි. මේ mining software 6ක් විතර මේ එක්ක එනවා. ඔය ටික virus guard එකෙන් ඇල්ලුවොත්, exception දෙන්න. Clean කරන්න එපා. එතකොට Delete වෙනවා.) - දැන් Install කර ගන්න.
- ඉතින් අපි run කලාම මේ වගේ interface එකක් ලැබෙනවා. (මෙතනදී antivirus එකෙන් ආයෙත් Warning එකක් මේ නිසා ආවොත්, කලින් විධියම කරන්න.)
- මුලින්ම අපේ balance එක නම්, $0.00 කියලා තමයි පෙන්වන්නෙ.
- මේ තියෙන්නෙ අපේ PC එකට අදාලව ‘හයිය’ ගන්න තියෙන(GPUs, CPU) ඔක්කොම ඒවා. CPU එක මේ වැඩේට ගැලපෙන්නෙ නෑ. ඒ නිසා ඒක Off කරන්න.
- අපේ GPU එකේ ‘හයිය’ පාවිච්චි කරලා විසඳන Algorithm එක.
- අපේ GPU එකේ මේ වෙලාවේ තියෙන ‘හයිය’. මේක MH/s(මෙගා හ’ට්ස් ප’ සෙකන්ඩ්; තත්පරයකට මෙගා හ’ට්ස් ගනන) වලින් තමයි මනින්නෙ.
- මේ වෙලාවෙ GPU එකේ උශ්ණත්වය. මේක හැම විටම 75ට අඩුවෙන් තියා ගන්න! (මේක Mining Rig එකක් නෙවෙයි නිසා).
- GPU එක මේ ‘හයිය’ පෙන්නන්න ගන්න Watt ගාන. ‘වොට් 65 බල්බ්’ එකක් කියල හිතන්න.
- රත් වෙන එක සීතල කරන්න GPU එකේ Fans පාවිච්චි වෙන ප්‍රමාණය.
- GPU එකේ ‘කූඩා කෝස්'(Cuda cores) පාවිච්චි වෙන ප්‍රමාණය.
- මෙතනින් පුලුවන් Algorithm මොනවද කියලා තෝරන්න/බලන්න.
- මේ වෙද්දී ‘හයිය’ පෙන්නලා ගොඩ අරන් තියෙන බ්ලොක්(Solutions) වලට අදාල වටිනාකම් USD වලින්. (BTC market value එක අනුව මේක අඩු වැඩි වෙන්න පුලුවන්).
- දැනට තියෙන GPU ‘හයිය'(19.59MH/s) අනුව මාසෙකට $43.15 ක BTC mine කරන්න පුලුවන් (BTC වල USD වටිනාකම). මේක Prediction එකක් විතරයි.
- Crypto mining – Start/Stop කරන්න නම් මේක පාවිච්චි කරන්න.
අපි Crypto mine කරන්න Start කරපු ගමන් මේ වගේ තව Window එකක් open වෙනවා. මේක තමයි මුලින් කිව්ව, Algorithm එක විසඳන්න මැද ඉඳන් උදව් කරන mining Software එක. (වයිරස් ගාඩ් එක වැරදිලා අල්ලන්නෙ මේක). මේක පාවිච්චි කරන අතරෙ, මේක හදපු developers-ලා 1% ඔයාගෙන් ගන්නවා. අපි මුකුත් කරන්න ඕන නෑ. මේක තමයි අපි ඇත්තටම monitor කරන්න ඕන.
මේ Highlight කරලා තියෙන්නෙ, අර කලින් කිව්ව, අපේ GPU එකේ ‘හයිය’ අනුව අපිට ඒ බ්ලොක් එකෙන් ලැබෙන් ‘share’ එක.
R:0% – කියන්නෙ, අපි මේ බ්ලොක් එක හොයා ගන්න වැඩේට team up උනත්, අපිට pool එකට හරියට වෙලාවට දැනුම් දෙන්න බැරි වීම(internet connection ගැටලු වගේ) නිසා අපේ ඉල්ලීම Reject වෙලා තියෙන ප්‍රමාණය. මේක පුලුවන් තරම් අඩුවෙන් තියා ගන්න!
Remote monitoring
ඊලඟට වැදගත්ම දේ තමයි, වෙබ් බ්‍රව්සරයක්(Chrome, Frefox, Safari, Edge, Opera etc ) හරහා මොබයිල් එකකින් උනත් මේක ඕන තැනක ඉඳලා මොනිටර් කරන්න පුලුවන්.
රතු පාටින් තියෙන්නෙ අපි ‘ගොඩ’ ගත්තු බ්ලොක් ප්‍රමානය දවසට අදාලව. කලින් කිව්ව විධියට, මේ බ්ලොක් පූල් එකේ තියෙන්නෙ Bitcoin(BTC) විධියට. අපේ පහසුවට පොඩි තක්සේරුවක්(Estimation) කර ගන්න තමයි, ඒක මේ වෙලාවෙ BTC/USD(T) rate එක අනුව USD වලින් පෙන්නන්නෙ. ඉතින් මේ BTC ප්‍රමාණය ඔයාට, ඔයගෙ ගෙදර තියෙන ‘මල්ලට'(BTC wallet) ගෙනල්ලා දා ගන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නෙ, ප්‍රමාණවත් තරමක් ඔයා බ්ලොක්ස් ගොඩ ගත්තම, ඒ ටික ඔයාගෙ ගෙදර මල්ලට යවන්න කියලා ඉල්ලීමක් කරන්න විතරයි. ඉතින්, ගෙනල්ලා දෙන්න කිව්වට එහෙම නිකන් ගෙනත් දෙන්නෙ නෑ. ඒ වෙනුවෙන් BTC ජාලයෙන් තමයි ගන්න ඕන. කලින් කිව්ව වගේ මේවා එකට බැඳුනු ‘දම් වැලක්’ වගේ. අපි ඒකට ‘බ්ලොක්-චේන්'(blockchain) එකක් කියලා කියනවා. ඉතින් මේ ‘බ්ලොක් චෙන්’ එක ඒවා ඔයාටම කියලා වෙන්කර ගත්තු මල්ලකට(Personal Wallet) දානවට පොඩි අයකිරීමක් කරනවා. අපි අර කියන්නෙ ‘හැන්ඩ්ලින්ග් ෆී’ කියලා… ඒවගේ. ඒවා අඩුවෙල තමයි ඔයාට අදාල Bitcons ටික ලැබෙන්නෙ.
හොඳයි, ඔහොම තමයි ලේසියෙන් Crypto Currency mining කරන්නෙ. මේ එක විධියක් විතරයි. ඔයා මේක ‘ආදායම් මාර්ගයක්ම’ විධියට කරනවා නං, ඒකට Mining Rig එකක් හදා ගන්න එක තමයි වඩාත්ම සුදුසු.
මේ කියලා තියෙන දේවල් financial advice එකක් විධියට ගන්න එපා. මොකද විදුලි බිල කියන එක මේකෙ profit ලැබීමට ලොකු සාධකයක්. නමුත් තාක්ෂණය(Technology) ගැන දැන ගන්න, අත්හදා බැලුවට කමක් නෑ.
GPU Over Clock
ඊලඟ වැදගත්ම කාරනය තමයි, GPU එකේ Temperature එක 70ට අඩුවෙන් තියා ගන්න එක (මොකද මේක අපි Full time mining rig එකක් විධියට පාවිච්චි කරන්නෙ නැති නිසා) සහ, එම් එස් අයි අෆ්ට’බ’න'(MSI Afterburner) කියන Software එක මේකෙදී පාවිච්චි කරලා GPU settings වලින් අපිට අවශ්‍ය ‘හයිය’ වැඩියෙනුත්, අඩු වොට් ගනනකිනුත්, වෙන විධියට වෙනස් කරලා, GPU එක optimized අගයකට ගන්න එක. ඕව’ ක්ලොක්(Over clock) කරනවා කියලා කරන්නෙ ඔන්න ඕකයි. මේකෙදී මේ ගැන හරි හැටි නොදැන පාවිච්චි කරන්න එපා.
(Settings for 19.50+MH/s: Core clock (MHz) +160, Memory Clock 0, Fan Power Limit 50%, Fan Temp Limit 60C, GPU Driver v456.71)
අපි මේ වැඩේදී පොදුවේ පාවිච්චි වෙන අඩුත් නැති වැඩිත් නැති GTX 10 series එකේ 1060 6GB GPU එකක් පාවිච්චි කරනවා. ඉතින් මේ තියෙන්නෙ, over clock කරන්න කලින් සහ overclock කලාට පස්සෙ තියෙන අගයන්. අපේ උවමනාව උනේ, වොට් 70ට අඩු හොඳ අගයක් ගන්නයි. මේතනදී දැකපු දෙයක් තමයි, අන්තීම ~1MH/sක් වෙනුවෙන් වොට් 30ක් පවිච්චි කරන්න වෙනවා. ඒක තේරුමක් නෑ. ඒ නිසා ~1MH/s වොට් එකක් අත ඇරලා අපි වොට් 30ක් මෙතනදී ඉතිරි කරගෙන තියෙනවා. කරන්ට් බිල පැත්තෙන් බලද්දී ඒක හොඳම තීරණයක්. හරියට 65W බලබ් එකක් පත්තු කරන් ඉන්නවා වගේ. ඒ එක්කම මතක තියා ගන්න, PC එකේ Power supply Watt ගාන වගේ ඒවත් මෙතනදී හරිම calculation එකක් කරද්දී ගන්න ඕනා.
මේ වෙද්දී, තාක්ෂණික(Technical) පැත්ත අපි නොදැනීම දැන ගත්තා. ඉතින් අත්හදා බලන්න තමයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඔයාගෙම කියලා පොඩි Crypto Wallet එකක්(මල්ලක්) හදලා Crypto currency ටිකක් දාලා බලන්න. මේ වගේ Wallet එකක් හදන්න හොඳම තැන් කීපයක් තමයි පහලින් තියෙන්නෙ.
Crypto wallet එකකුත් හදා ගෙන, Coin ටිකක් එකතු කර ගන්න.
හරි! ඔන්න අපි දැන් Crypto currency mining ගැන 90%ක්ම වගේ technically දන්නවා. උත්සහ කරලා බලන්න!