මේ ටිකේ ගොඩ දෙනෙක් අලුතෙන් ගන්න ලැප්ටොප් ගැන විස්තර හොයනවා. ඒත් මේ කියන්න හදන්නෙ ලැප්ටොප් එකක් ගද්දී බලන්න ඕන දේවල් ගැන නෙවෙයි. ඇත්තටම තියෙන එක අපි හරියට optimize කරලා පාවිච්චි කරනවාද, එහෙම නැත්තන් අපි ඇත්තටම, “හරියට” වැඩ ගන්නවද , ඒ කොහොමද කියලයි.
Lap top එක upgrade කරනවද?
විශේෂයෙන් programming වලට වගේම, “මට graphic වැඩත් මේකෙන් කර ගන්න ඕනා” කියන එක තමයි වැඩිපුරම තියෙන උවමනාව. Programming වලදි නං අපි පාවිච්චි කරන IDE එක අනුව තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නෙ. උදාහරණයක් කිව්වොත්, eclipse හරි notepad++ වගේ දෙකක් ගත්තොත් project එකේ size එක අනුව ලොකු performance වෙනසක් තියෙනවා. After effects, Adobe Photoshop වගේ ඒවා ගත්තත් එහෙමයි. අපි ගොඩක් වෙලාවට පුරුදුවෙලා ඉන්නේ කරන්න තියෙන්නෙ මොනවද කියලා හරියටම finalized කර ගන්න කලින් වැඩේ පටන් ගන්න එකයි. ඉතින් කම්පියුටර් එකේ Performance මදි කියලා ඉබේටම හිතන්න පෙලෙබෙනවා.
Design එක optimize කරනවාද?
Coding වලදී, ලොකු project එකක් modules වලට කොටස් කරගෙන, development පටන් ගන්න එක වගේමයි, CPU, GPU, disk එක වගේ components highly utilize වෙන graphic project එකක් System එකට heavy load එකක් නොවෙන්න segment කරගෙන project design කරන්න පුරුදු වෙන එකත්.
උදාහරණයක් කිව්වොත්, Compositions ගොඩක් තියෙන, action scripts පාවිච්චි වෙන, vector graphics තියෙන(animated characters), After Effects project එකක් ගන්න. මේ main composition එක ඇතුලෙ තව sub compositions ගොඩක් තියෙන්න පුලුවන්. මේ වගේ nested compositions තියෙද්දි, preview එකක් උනත් හරියට බලාගන්න බෑ කොයි තරම් හොදම configurations එක්ක උනත්.
Coding වලදී සමහර වෙලාවට අපි, උදාහරණයක්; intranet-database එකක් query කරද්දී development environment එකේ lag එකක් තියෙන්න පුලුවන්. ඉතින් මේ වෙලාවට, function return එක hard code කරලා අපේ ඉතුරු වැඩේ කරගෙන යන්න පුලුවන්. ඒ විධියට inner compositions වල තියෙන ඒවා pre-render කරලා, අපි කලින් උදාහරණෙදි කිව්ව වගේ, function එකෙන් ගත්ත return value එක වගේ, අපේ bulky compositions වෙනුවට, plugin වලින් දාපු ඔක්කොම effects එක්ක render කරගත්තු video එක, (උවමනාවෙ හැටියට, .mp4, .mov, image-sequence වගේ export කරලා) අදාල comp එක වෙනුවට, CPU, GPU utilize වෙන එක optimize කර ගන්න පාවිච්චි කරන්න පුලුවන් (function overload වගේ). මෙතනදී අපි කරන්නෙ, එකම out put එක real-time process කරන්නෙ නැතුව, වැඩිපුර processing ඕන කරන segments, කලින් rendar කරගෙන, අදාල තැන්වලදී CPU, GPU අනවශ්‍ය විධියට පාවිච්චි වෙන එක මගහරින එකයි. Adobe After Effects, Premier වගේ සොෆ්ට්වෙයා වල මේ සඳහා, Proxy පාවිච්චි කරන්න පුලුවන් පහසුකම සපයලා තියෙනවා. ඉතින් මතක ඇතුව ඒ වගේ දේවල් අවශ්‍ය හැම වෙලාවෙම පාවිච්චි කරන්න.
මේ පින්තූරෙ කතාවත් ඒකමයි. අදාල දේ වෙනුවෙන් resources optimize කරලා පාවිච්චියට පුරුදු උනාම(regardless of the size of the project), bulky project එකක් උනත් සාමාන්‍ය i3, i5 එකක උනත් ලේසියෙන් run කර ගන්න පුලුවන්(by experience). උදාහරණ ගත්තෙ After Effects උනාට මේක 3D application, CAD වලට වගේම ගොඩක් තැන්වලට පාවිච්චියට ගන්න පුලුවන් concept එකක්. මේ පින්තූරෙ විධියට environment එක කලින් render කරන්, composite කරන්න පුලුවන්.
මේක ගොඩක් ප්‍රායෝගිකව උවමනා වෙන වෙලාවල්?
- Project එකේ අන්ත්තීමට fine tune කරද්දී fast preview ඕන වෙද්දී (හරියට Software initial prototype එක වගේ).
- ඒ වගේම Team project එකක් කරද්දී. (SVN, Git වගේ ඒවා වෙනුවට, මේ optimized segments, Team එක අතරේ shared folder එකක තියා ගන්න පුලුවන්.)
- කම්පියූටර් එකේ ප’ෆොර්මන්ස් අඩුයි වගේ දැනෙද්දී.
- වැඩිපුර Effects, plugins පාවිච්චි කරලා තියෙද්දී,
- Main object (main Character) එකට නැතුව අනෙක් supportive objects වලට වැඩි processing කරන්න ඕන වෙන වෙලාවට,
විශේෂයෙන් මේක අත්හදා බලන්න පුලුවන්.
ඉතින් මේ හැමදෙයක් ගැනම බලද්දී, Design එක optimize කරනවාද, Lap top එක upgrade කරනවද? කියන එක ආයෙත් හිතන්න. දන්න දෙයක් වෙන්න පුලුවන්, Upgrade එකකට යන්න අමාරුයි නම්, පරණ එක පැත්තක දාලා නම්, හොඳයි වගේ හිතෙනවා නං, try කරලා බලන්න.
තව කෙනෙක්ට වැදගත් කියලා හිතෙනවා නං බෙදා ගන්න.