Graphic Design “Full Course!” – එහෙම එකක් තියෙනවාද?
ඇත්තටම එහෙම ඒවා තිබ්බත් කරන්න එපා. මොකද Graphic Design කියන්නෙ ලොකු පරාසයක විහිදුනු ලොකු විෂයක්. වැදගත්ම දේ තමයි, Graphic Design කියන්නෙ ‘සොෆ්ට්වෙයා’ නෙවෙයි! විශුවල් එලිමන්ට්ස්(Visual elements) හරියට හරි ගස්සන එක කියලා ලේසියට කියන්න පුලුවන්. මේ විශුවල් එලිමන්ට්ස් කිව්වම, ඉරි, පාට, හැඩතල, මෝස්තර, අවකාශය, සහ අකුරු වගේ දේවල් ගැනෙනවා. ඉතින් මේ දේවල්වලට අදාල ඩිසයින් ප්‍රින්සිපල්ස්(Design principles) හරියට භාවිතා කරලා “Graphically” අදහස් ප්‍රකාශ කිරීම, “ග්‍රැපික් ඩිසයින්” කියලා කියන්න පුලුවන්.
ඉතින් මේ හැම දෙයක්ම කරලා අපි බලාපොරොත්තු වෙන්නෙ අදහස් ප්‍රකාශ කිරීම. මේ දේ කරන්න නම් ඔයාගෙ ඩිසයින් එක, ආකර්ශණීය වෙන්න ඕනා. ඊලඟට කුතුහලය දනවන්නක්, එහෙම නැත්තනම් රඳවා තියා ගන්න ඕන. මේ දේවල් එක්ක ඔයාගෙ අදහස මේ හරහා කියවෙන්නත් ඕන. ඉතින් මේ ටික ඔයාගෙ නිර්මාණයෙන් වෙනවා නම්, ඒක ඵලදායි නිර්මාණයක් කියලා කියන්න පුලුවන්. ඇත්තම කියනවා නම්, හොඳ ඩිසයින් එකක් කියන්නෙ “දෘශ්‍ය උගුලක්”!
ඔයාට Graphic Design කරන්න කැමතියි නම්, මෙන්න මේ දේවල් දිහාත් අනිවාර්යෙන්ම හොයලා බලන්න.
මුලින්ම ඔයා කැමති දේ ගන්න. උදාහරණයක් ගමු හැමෝම කතා කරන Logo design ගැන. ඔයාට Logo එකක් ගත්තත්, ඒවායෙ ආයෙත් sub types තියෙනවා. ඒත් මේ හැම දේකටම පොදු, වර්ණ ගැලපීම්(Color theory), සම්පිණ්ඩනය(Composition) වගේ දේවල් පොදුයි.
ඒ ටික ගැන අදහසක් ගන්න. මේ වීඩියො ටික බලන්න.
ඊලඟට මේවා ඉගෙන ගන්න පටන් ගන්නෙ කොතනින්ද?
ක්‍රම දෙකක් තියෙනවා.
1. ඔයා කැමති දෙයක් තෝරගෙන, ඒක කරන්න උත්සහ කරන්න.
බැරි අමාරුවෙන තැන් YouTube, Articles වගේ ඒවයින් හොයා ගන්න. Ex: UX/UI Design, Web Design, Logo, Desktop publishing, Package designing, Leaflet, Handout etc.. සමහර වෙලාවට අපි තනියම දෙයක් හොයන් කරද්දී අත්හදා බැලීම් එක්ක තමයි හරි පාර හොයා ගන්න වෙන්නෙ. මේ ක්‍රමය තරමක් කාලය යන එකක්. ඒ නිසා, අදාල කොටස වෙනුවෙන් “ක්‍රෑශ්-කෝස්”(crash course) කියන ක්‍රමයට තියෙන මගපෙන්වීමක් ගන්න.
2. කෝස් එකක් කරන්න අදාල දේවල් ඇතුලත් වෙන.
ඔක්කොම තියෙන ‘එක කෝස් එකක්’ කියලා දෙයක් නෑ. මොකක් හරි දෙයක් Target කරලා කරන්න. ජොබ් එකක් බලාගෙන ඉගෙන ගන්නවා නම්, Industry related internship ලබා දෙන, එහෙමත් නැත්නම්, “ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්ග් එක්ස්පීරියන්ස්”(Industrial training experience) එක දෙන තැනක course එකකට යන්න. ඊලඟට බලන්න එයාලා, Industry accepted certificate එකක් දෙනවද කියලා. මොකද “එක්ස්පීරියන්ස්” නැත්නම්, ඔයා මේ දේවල් “දන්නවා” කියන්න විධියක් තියෙන්න ඕන නිසා.
ඊලඟ වැදගත්ම දේ, කරන්න යන දෙයින් ඇත්තටම “ආර්ථිකයම” වාසියක් එහෙම නැත්නම් ප්‍රතිලාභයක්(RoI) ඔයාට තියෙනවාද බලන්න. උදා, ඔයා Logo design කරනවා නම්, මාසෙකට ඔයා logo ‘කීයක් හදන්න ඕනද?’ බලන්න. එකක් හදන්නයන ‘කාලය’ බලන්න. පොඩි ගානක් හදලා බලමු.
හිතන්න ඔයා ලෝගො ඩිසයින් කරනවා කියලා. අපි මේ වැඩේ ලේසි වෙන්න, හිතමු ලෝගො එකක් සාමාන්යෙන් 5,000~100,000/-ක් අතර වෙනවා කියල. ඔයා නවකයෙක් නිසා, අඩුම 5000/- ගන්නවා කියලා හිතමු. දැන් මාසෙට ඔයා 30,000/-ක් වත් බලාපොරොත්තු වෙනවා නම්, 30,000.00/5,000.00 = 6. ඒ කියන්නෙ අනිවාර්යෙන් ලෝගො 6ක්වත් හදන්න ඕනා. ඉතින්, මේ වෙනුවෙන් තියෙන ඉල්ලුම, ක්ශේත්‍රයේ ඉන්න පිරිස, නිපුණතාව. සම්බන්ධකම් වගේ ගොඩක් හේතු ඔයගෙ මේ “6” කියන ටාගට් එකට යන්න බලපානවා.
රැල්ලට “කරන්නං-වාලෙ” කරන්න එපා. තැනින් තැනින් පටන් ගන්නත් එපා. මුලින්ම එක දෙයක් හරියටම කරලා ඉන්න. නැත්තන් කාලය අපරාදෙ!