ඕන කරන මූලික සුදුසුකම් මොනවාද?
මේ සඳහා Photoshop ටිකක් දැනගෙන ඉන්න එක පහසුයි නමුත්, අවශ්‍ය වෙන හැම දෙයක්ම සරලව කියලා දෙනවා. ඉතින් සාමාන්‍ය Graphic design ගැන උනන්දුවක් තියෙන ඕන කෙනෙක්ට සුදුසුයි.
වඩාත් ගැලපෙන්නෙ කාටද?
මේක පෙළ ගස්වලා තියෙන්නෙ, යන්තන් මූලික දැනුමක් වගේම තරමක දැනුමක් තියෙන අය ගැනත් හිතලා. ඉතින් උනන්දුවක් තියෙන ඕන කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන්. හොඳටම දන්න අයට ඒවා තව ටිකක් වැඩිදියුණු කර ගන්නත්, අලුතින් මොනව හරි, එකතු කර ගන්නත් පුලුවන්.
අපි මේ කියලා දෙන දේවල්, ප්‍රායෝගිකව අත්හදා බලපු ඒවා. Video බලන්න දීලා නිකන් ඉන්නෙ නෑ. හැමෝටම පොදු කම්මැලි කම තිබ්බත් කොහොම හරි උනන්දු කරවනවා.ඉතින් ඔයාලටත් ඒ විධියටම අත්හදා බලමින් ඉගෙන-ගන්න-සලස්වන-මග-පෙන්වීමත් එක්ක තමයි අපේ ක්‍රමය හැදිලා තියෙන්නෙ.
ඉතින් අපි මග පෙන්වන්නෙ, උනන්දු කරවන්නෙ, ගෙදර ඉඳන් අමතර ආදායමක් උපය ගන්න පුලුවන් මාර්ග 15කට වඩා තියෙන, විනෝදාංශයක් විධියට උනත් කරන්න පුලුවන් දෙයක් වෙන්නයි.
අනික් කරුණ තමයි අපේ දේශීය දේවල්වල තියෙන ‘හිඟය’ හැකි තරම් අඩු කරන එක. උදාහරණයක් කියනවා නම්, ටිකක් කල්පනා කරලා බලන්න, සිංහල අලුත් අවුරුද්දට අපි හැමෝම දන්නෙ, ප්‍රසිද්ධ Artworks කීපයක් විතරයි අපි හැමදාම දකින්නෙ. අපි බලාපොරොත්තු වෙනවා මෙ දැනුමත් එකතු කරන් ඔයාලා ඒ අඩුවත් හැකි තරම් පුරවයි කියලා.
So we are guide and encourage about something that can be done even as a hobby, with more than 15 ways to earn extra income from home.
ඉංග්‍රීසි(English) දැණුම ඕනෙමද?
අනිවාර්ය නෑ. අත්‍යවශ්‍ය හැම දෙයක්ම සිංහලෙන් කියලා දෙනවා. ඉංග්‍රීසි අවශ්‍ය විධියට පාවිච්චි කරනවා. උදා ‘ෆැන්ටසි ආට්’ වලට ‘මන:කල්පිත චිත්‍ර’ කියන්නෙ නෑ. Fantasy art කියලම භාවිතා කරනවා.
මේක Photoshop-කෝස් එකක් ද?
මේක කොහෙත්ම ‘පොටෝ ශොප් කෝස්’ එකක් නෙවෙයි! හිතන්න, ඡායාරූපකරණය(Photography). ඒකටත් Graphic Design Software භාවිතා කරනවා. ඒත් Photography කියන්නෙ Photoshop Software එක නෙවෙයිනෙ.. අන්තීම නිර්මාණය තව අපිට ඕන විධියට වර්ණවත් කරගෙන නිමාවක් ලබා ගන්නයි ඒක(Graphic Design Software එකක්) ඕන වෙන්නෙ.
පටලවා ගන්න එපා. කොටින්ම Graphic design කියන්නෙ, ඵ් Software එකට කියලා ගොඩක් අය හිතනවා. ඒත් Graphic design කියන්නෙ Skilled profession එකක්. ඒත් Photoshop කියන්නෙ ඒ වෙනුවෙන් භාවිතා කරන Software එකක්.
හරියට Iron(විදුලි ඉස්තිරික්කය) එක වගේ.. මහපු ඇඳුමක් අන්තීමට ලස්සනට iron කරලා ගත්තට, Fashion design, Cloth making කියන්නෙ ඉස්ත්රික්ක කරනවට නෙවෙයි නෙ..
ඉතින් ඒ වගේ. Fantasy Arts කියන්නෙ Photoshop-කෝස් එකක් නෙවෙයි. It need specialized educational learning and training.
මේකෙන් කරන්න පුලුවන් දේවල් මොනවාද? මොනවද කියලා දෙන්නෙ?
මිනිස්, සත්ව රූප(මේ ලෝකෙ පේන්න තියෙන්නෙ ඔය දෙකනෙ) සහිත Fantasy Art හදාගන්න හැටිත්, ඒවා විකුණුම් භාණ්ඩයක්(Monetize)) කර ගන්න හැටිත්, 15+ කට වැඩි ඉල්ලුම තියෙන තැන් සහ මොන වගේ දේවල්ද වැඩියෙන් අලෙවි වෙන්නෙ වගේ selling tips, signals මුල ඉඳලම කියලා දෙන්නෙ. කැමති විධියට ඔයාගෙ සංකල්ප(Concepts) අනුව වීර චරිත(Heroes/heroine), දේව චරිත(Gods, Goddesses, and Titans), කෲර රජවරු(Cruel kings), දිව්‍යාංගනාවන්, යක්ශ, යක්ශණියන්, හොල්මන්(Horror characters), කාටුන් චරිත(Cartoon characters), විකට(Comic identities) චරිත.. මේ ඕන එකක් හදා ගන්න පුලුවන්. හිතන්න තමයි තියෙන්නෙ.
මේක හරියට Driving කියලා දෙනවා වගේ එකක්. ඔයාට තීරණය කරන්න පුලුවන් යන්න ඕන තැන්. අපි කියලා දෙන්නෙ Driving Skill සහ යන්න පුලුවන් Map එක දෙනවා වගේ දෙයක්. LEARN ඉවර උනාට පස්සෙ ඔයාට තියෙන්නෙ L අයින් කරලා EARN කරන්න.
- මේ නිර්මාණවල කොපිරයිට්(Copyrights) එහෙම නැත්තන්, කර්තෘ-අයිතිය ඔයාටම තියෙන නිර්මාණ!
- ඒ නිසා මේවාට මිල තීරණය කරන්න ඔයාටම පුලුවන්! (මිල තීරණය කරන හැටිත් කියලා දෙනවා.)
- මේක Drop service/ Drop shopping එකක් කරන කෙනෙක්ට Seller කෙනෙක් විධියට උනත් කරන්න පුලුවන්. ඇපි ඒ ගැනත් කතා කරනවා.
- අපි ආවරණය කරන්නෙ මොනවාද කියලා දිග විස්තරයක් මුල් පිටේ තියෙනවා. (බලන්න)
- සිතීමේ සීමාව තමයි සීමාව! – Sky is the limit!
වයස?
වයස ගැටලුවක් නෑ. අත් දැකීම් නිර්මාණ කරන්න ගොඩක් උදව් වෙනවා.
මගේ ලඟ තියෙන්නෙ Laptop එකක් ඒකෙන් පුලුවන්ද?
NVIDIA GPU එකක්(Graphic/video Card) තියෙනවා නම් ලේසියි. එහෙම නෑ කියලා ගැටලුවක් නෑ. වෙනම Graphic Card එකක් නැතත් work around එකක් කියල දෙනවා – Free. අපි Test කරල තියෙන අඩුම Laptop එක.
- Intel core I5 at 2.6 Ghz with 8 Gb RAM
- Running windows 10 64 bit.
- With a standard HD Graphics 4600.
ඇයි කොලපාට Theme එකක් use කරලා තියෙන්නෙ?
Traffic Lights වල ‘GO!’ කියලා කියන්නෙ කොලපාටින් නිසා. නැවතිලා ඉන්න කෙනෙක්ට හොඳ ආරම්භයක් ගන්න පුලුවන්. Let’s GO!