ඔබ කවුද? ඇයි ඔබ මෙය කියවන්නේ? අහම්බෙන්? සමහර විට තව කෙනෙකුට එදිනෙදා කරදරවලින් තනිව නිදහස් වීමට, හෝ ඔබේ නිර්මාණශීලිත්වය ප්‍රකාශ කිරීමට විධියක් සෙවීමට, අදායම් මාර්ගයක් සොයා ගැනීමට හෝ මේ එකක්වත් නොමැතිව වෙනමම හේතුවක්ද විය හැකියි. ඇත්තටම ඔබ අමතරව යමක් හොයනවා…!
ඔබ ව්‍යාපාරයක් ගැන හිතනවා, ඔබේ ව්‍යාපාරය සඳහා ඔබට කොපමණ මුදලක් වැය කළ හැකිද?, ප්‍රවර්ධනය කිරීමට කොපමණ කාලයක් ගතවේද? ඔබගේ කාලය කොපමණ වටිනවාද සහ එය ඔබගේ උවමනාවන්ට බලපාන්නේ කෙසේද? විකිණීමට යොදා ගන්නෙ මොනවාද? සේවාවක්ද? භාණ්ඩයක්ද? හොඳම ස්ථාන මොනවාද? මෙවැනි ප්‍රශ්න රාශියක් එක-පිට-එක අපට ඇත.
මේ සියල්ලම ඇත්තටම මුහුණ දිය යුතු කරුණු වුවත්, මේවා පහසුවෙන් පසු කරගෙන යන්නෙ කොහොමද? ඒ හැම ප්රශ්ණාර්තයකටම විසඳුම් සොයා ගත් අයද අපි සාර්ථක ව්‍යවසායකයින් කියන්නෙ? කිසිවෙකු එක රැයෙන් ‘සාර්ථක වෙළෙන්දෙකු’ ලෙස ආරම්භ කරන්නේ නැත. සෑම කෙනෙකුම ආරම්භ කරන්නේ දියිණුවීම කෙරෙහි ඇති දැඩි ‘යථාර්ථවාදී ආශාවෙනි’!. සිහින මැවීමෙනි!
ඒ සඳහා මූලිකවම ‘වෙළඳපොළක්’ ගොඩනඟා ගැනීමට අවශ්‍යය. ඔබ ඇත්තටම වෙළඳපල අතට ගැනීමට පෙර ඔබට හොඳ පදනමක් ඇති මිලක් දිය හැකි ‘යමක්’ ඔබ සතුව තිබිය යුතු බවට වග බලා ගත යුතුය. ඒ සඳහා නිවැරදිව සහ කාර්යක්ශමව ඔබේ නිපුනතාවයන් වර්ධනය කර ගත යුතුය.
ව්‍යාපාරයක් කිව්වම අපිට මතක් වෙන්නෙ කඩයක් දාගෙන ඉන්න මුදලාලි කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් අපි කථා කරන්නෙ, සාම්ප්‍රදායික දේවලින් ඔබට ගිය දේවල් ව්‍යාපරයක් කර ගන්නෙ කොහොමද කියලයි. සාමාන්‍ය භාණ්ඩ වෙළඳාම හැම තැනම තිබෙන, පේන්න තිබෙන ව්‍යාපාරික ක්‍රමයයි. අපි ඒ අතර තවත් කෙනෙක් වෙනවාද? අනෙක් අය නොකරන දෙයක් කරනවාද? හැමෝම කරන දේ කිරීමට මේ තරම් උනන්දුවෙන් අමතර අවස්ථා හොයන්නෙ මොකටද? – අපි වෙනස් විධියකට හිතමු!
ව්‍යවසායකයෙක් විධියට ඉදිරියට ඒමට, බොහෝ දෙනාගෙ ලොකු උනන්දුවක්, කැමැත්තක් තියෙනවා. ඒත්, ඒ බොහෝ දෙනාට තියෙන ප්‍රධානම ගැටලුව තමයි, යමක් මුදල් බවට පත් කර ගන්න පුලුවන් ආකාරයේ නිශ්චිත, පරිවර්ථනය කල හැකි නිපුණතාවක් මේ වෙනකොට තමන්ටම කියලා නැති එක. නැති නිපුණතාවක් හදා ගමු! ඇත්තටම කියනවා නම්, ඔබේ හැංගිලා තියෙන ඔබ නොදන්න දෙයක් හැකියාවක් බවට වැඩි දියුණු කරමු.
ඔබේ උත්සාහයට අනුව, අපගේ මගපෙන්වීම නිශ්චිතව පරිවර්ථනය කල හැකි නිපුණතාවක් බවට වර්ධනය කිරීමට උපයෝගී වෙනවාට කිසිම සැකයක් නැත!